ඝාතනයකට සැරසුණු දෙදෙනෙක් අත්අඩංගුවට

පුද්ගල ඝාතනයක් සඳහා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කර තිබේ.

එහිදී සැකකරුවන් සතුව තිබූ පිස්තෝලයක් සහ යතුරුපැදියක් ද STF නිලධාරීන් භාරයට ගෙන ඇත.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා මෙම පුද්ගලයින් දෙදෙනා ගමන්කරමින් සිට ඇති බවද සැක කරයි.

වෙඩික්කරු සමගි මාවත, ඇරැව්වල, පන්නිපිටිය ලිපිනයේ පදිංචි යුද හමුදා මුලස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන 38 හැවිරිදි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *