ගිහි කල වැරදිවලට දඩුවම් ඉල්ලා හිමිනමක් පොලිසි ඇවිත්

ගිහියකුව සිටියදී කරන ලද සොරකම් සම්බන්ධයෙන් පොලිසියට කොටු නොවූ බවත් එම සොරකම්වලට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දෙන තෙක් හිතට සහනයක් නොමැති බවත් කියමින් තරුණ භික්ෂූන් වහන්සේ නමක ගම්පහ, යක්කල පොලිස් ස්ථානය වෙත ඊයේ ( 4) පැමිණ ප්‍රකාශයක් කළේ යැයි  යක්කල පොලිසිය සඳහන් කරයි.

මෙම භික්ෂූන් වහන්සේ පොලිසියට පැමිණියේ සිය මව ද කැටිවය.

භික්ෂූන් වහන්සේ පොලිසිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.

තමන් ගිහියකුව සිටියදී මීට වසර අටකට පමණ ඉහතදී කරන ලද මෙම සොරකම් වලට  අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදෙන තෙක්  බණ භාවනා කරමින් මහණදම් පිරීමට  තරම් හිතට සහනයක්  හෝ සැනසිල්ලක් හෝ නොමැති බව මෙම භික්ෂූන් වහන්සේ පවසන්නේ යැයි පොලිසිය කියයි.

ගිහියකුව සිටියදී තමන් කළ මෙම සොරකම් සම්බන්ධයෙන් නිතර හිතට වද දෙන බවත්  එම සොරකම්වලට දඬුවම් විඳ හිතට සහනයක් සැනසිල්ලක් ලබා ගත යුතු නිසා පොලිසියට බාර වීමට තීරණය කර මේ බව මවට ද පවසා ඇය ද සමග පොලිසියට පැමිණි බව මෙම භික්ෂූන් වහන්සේ වැඩිදුරටත් පොලිසියට පවසා ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *