එක් ආයතන ව්‍යුහයක් යටතේ ගාල්ල නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ, ගාල්ල කොටුව සංවර්ධන කටයුතු පිළිබඳව සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
එමෙන්ම ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ද ජනාධිපතිවරයා එහිදී තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මේ අතර 2024 ගාලු සාහිත්‍ය උළෙල නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ එක්වුණි.
ලොව පුරා කීර්තිමත් කතුවරුන්, සාහිත්‍යකරුවන්, මාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් එක්වන මෙරට පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන ගාලු සාහිත්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.
ජනවාරි 25 වනදා ආරම්භ වූ ගාලු සාහිත්‍ය උළෙල අදින් අවසන් වෙයි.