ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා සමන්ත රණසිංහ මහතා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ඔහු පාර්ලිමේන්තුවේදී අද දිවුරුම් දීමට නියමිතය.
ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබාගෙන සිටියේ සමන්ත රණසිංහ මහතාය.
ඔහු පසුගිය මහ මැතිවරණයෙන් ලබාගත් මනාප සංඛ්‍යාව 41306කි
වෘත්තියෙන් විදුහල්පතිවරයකු වන සමන්ත රණසිංහ මහතා ජාතික ජන බලවේගයේ රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙසද කටයුතු කරයි.
මන්ත්‍රී කෝසල නුවන් ජය වීර මහතා හෘදයාබාධයකින් පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත විය.