කෝටි 25ක් සුරියවැව කර්මාන්තපුරයට නාස්ති වෙලා

සූරියවැව ප්‍රදේශයේ අක්කර විස්සක ඉඩමක කර්මාන්ත පුරයක්  ඉදිකිරීම වෙනුවෙන් වැය කරන ලද රුපියල් කෝටි  25 කට වැඩි මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක් සඳහන්වේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර විසි හතරක ඉඩමක රුපියල් කෝටි තිස් හයකට ආසන්න මුදලක් වැය කර්මාන්ත පුරයක් ඉදිකර වසර දහතුනක් ගතවී තිබුණද අක්කර හයක භූමියක එක් කර්මාන්තකරුවකු පමණක්  කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන බව නිරීක්ෂණය වූයේ යැයි  ජාතික විගණන කාර්යාලය පවසය. අනෙකුත් කර්මාන්තශාලා  2023 දෙසැම්බර් 31 දක්වා වනවිටත්  ආරම්භ කර නොතිබූ  බව වාර්තාවේ දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *