කොස්තාපල්වරුන්ට නවක වදය දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ඇඳුම් ඉවත් කර නවක වදය ලබා දුන් බව කියන ආධුනික පොලිස් කොස්තාපල් වරයාගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි .

අගතියට පත් වූ නිලධාරීන් තිදෙනාද ආධුනික පොලිස් කොස්තාපල්වරුන් වන අතර ඉකුත් 24 වැනි දින රාත්‍රියේ එම නිලධාරීන් තිදෙනා තනිකඩ භට නිවස්නයේ රැඳී සිටියදී සැකකාර කොස්තාපල්වරයා විසින් ඇඳුම් ගලවන ලෙස නියෝග ලබාදී නිරුවත් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව සාපරාදි බලහත්කාරය පෑම, ලිංගික අතවර කිරීම, සාපරාදී බිය ගැන්වීම, අයුතු සිරකර තැබීම, කෲර ලෙස සැලකීම යන චෝදනා යටතේ සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *