කිසිම හේතුවක් මත ජනපති ඉල්ලා අස්වන්නේ නැති බව අමාත්‍ය ජොන්ස්ටන් පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු හේතුවක් මත ඉල්ලා අස් නොවන බවත් වත්මන් ජාතික අර්බුදයට රජය මුහුණ දෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මිලියන 6.9 ක ජනතාවක් තමාට ලබා දුන් ජනවරම අනුව ජනාධිපතිවරයා තේරී පත් වූ බව ජොන්ස්ටන් පැවසීය.

වගකිවයුතු රජයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිඳු තත්වයක් යටතේ ඉල්ලා අස් නොවන බව අමාත්‍ය ප්‍රනාන්දු මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *