නීතිඥ වෘත්තියේ වසර 50ක කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ ශාමේන් කිරිඇල්ල මහත්මියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ගෞරව උපහාර පිරිනැමීය.
නීතිඥ වෘත්තියට වසර 50ක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් කොළඹ ගලදාරී හෝටලයේ පැවැති උත්සවයේදී ඔවුහු මෙම සම්මාන ලැබූහ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධාන කළ මෙම උත්සවය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දශක පහක කාලයක් පුරා නීතිඥයන් වශයෙන් නීතියේ පරමාධිපත්‍යය තහවුරු කිරීමට මෙන්ම පුරවැසි සමාජය වඩාත් සදාචාරවත් කිරීම උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ නීතිඥ ශාමේන් කිරිඇල්ල මහත්මියට මෙම සම්මාන ලැබී ඇත.