කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ ඇතැම් ස්ථානවල සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.
ඒ අනුව වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.
මෙම තත්ත්වය යටතේ ගතයුතු පියවර ඇතුළත් නිවේදනය පහතින්.