ක්‍රම සහ විධි කමිටුවේ මුල් පුටුව යළිත් පාඨලිට

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික  රණවක මහතා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් නැවත වරක්  නිතරඟයෙන් පත්වී ඇත.

මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පාඨලී  චම්පික රණවක මහතාගේ නම යෝජනා කර ඇති අතර එම නම ස්ථිර කරනු ලැබ ඇත්තේ රාජ්‍ය  අමාත්‍ය ලසන්ත අලගියවන්න  මහතා විසිනි.

මේ අතර පාඨලී චම්පික රණවක මහතා රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයකු වශයෙන්ද අද පත්කර ඇත.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාඨලී චම්පික රණවක මහතා එම කාරක සභාවට  තෝරා පත්කර ගත් බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තුවේදී  අද (20)පැවසිය

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතීත්වය හිමිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ කමිටුව ඉදිරියටත් අපක්ෂපාතී ලෙස වාර්තා ගෙන යෑමට බලාපොරොත්තු වන බවයි.

කමිටුවේ පළමු වාර්තාව ගිය වසරේදී ඉදිරිපත් කෙරුණු බවත් මීළඟ වාර්තාව ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *