කළුතර ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8 සිට ජල කප්පාදුවක්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජලසැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, බේරුවල, අලුත්ගම, දර්ගානගරය, පිලමිනාවත්ත, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *