කලුබෝවිල ව්‍යාපාරික නිවසකට වෙඩි තැබීමට කාන්තාවන් දෙදෙනෙක් හා තවත් අයෙක් අල්ලයි

පසුගිය (15) වනදින අලුයම 2.30 ත් 3.00 අතර කාලයේ කලුබෝවිල පන්සල් පාර පරිඝණක උපකරණ අලෙවි ව්‍යාපාරික නිවසකට වෙඩිතැබීමට සිද්ධියට සම්බන්ධ හ උපකාර ,අනුබල ලබාදුන් කාන්තාවන් දෙදෙනකු සමග තවත් පුද්ගලයෙකු  ඔවුන් ගමන්කල ත්‍රීරෝද රථයද සමග  ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි.පොලීසිය පැවසීය.

මෙහි ප්‍රධාන සැකකාරිය මල්වාන,මාපිටිගම පදිංචිව සිටින වයස අවුරුදු (33) ක්ද වන පෞද්ගලික ගුරුවෘත්තියේ නියුතු තැනතියක වන අතර, දෙවන සැකකාරිය මල්වාන ධර්ෂනීය වත්ත පදිංචිව සිටින වයස අවුරුදු (54) ක්ද ඇදුම් මැසීමේ නියුතු වන අතර, තෙවන සැකකරු රනාල ,නවගමුව පදිංචිව සිටින වයස අවුරුදු (45) ක් වන අතර රියදුරෙකු ලෙස රැකියාව කරනු ලබන අයකුදවේ .

මෙම කාන්තාවන් දෙදෙනා දැනට විදේශගතව ඩුබායි රාජ්‍යයට පලාගොස්   සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කරුවකු වන   මෝදර නිපුන යන අයගේ  සමීපතම ඥාතින්ද වනු ලබන     බවත් ,හෙලිවී ඇතැයිද පොලීසිය පැවසීය.

වෙඩීකක්කරු වෙඩි තැබීම සිදුකල 15 වනදිනට පසු 16 වනදින සූක්ෂම ලෙස ඩුබායි රාජ්‍යයට පලා ගොස් මෝදර නිපුන යන අයගේ රැකවරණ.මැද සිටින බවටත් අනාවරණය වී ඇතැයිද පොලීසිය කියා සිටී .

මෙම ආරාවුල මුදල් ගණුදෙනුවක් මූලික කරගන සිදූවී ඇති බවත් ,වෙඩික්කරු යතුරු පැදියකින් තවත් අයෙකු සමග පැමිණ එදින අලුයම ව්‍යාපාරිකයාගේ සුඛෝපභෝගී නිවසේ විශාල ගේට්ටුවට වෙඩි ප්‍රහාර පහක් පමණ එල්ලකර එම යතුරු පැදියෙන්ම පලාගොස් ඇති බවටත් අනාවරණය වී ඇතැයිද පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *