කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි

සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතු කොරල මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු හිටපු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුභපැතුම් මාධ්‍යයේ මැති සබේ පසුපෙළ අසුනක අසුන් ගත්තේය.

අතුකෝරළ මහත්මියගෙන් පසු රත්නපුර දිස්ත්‍රික්කයෙන්  සමග ජන බලවේගයෙන් ඊළඟට   වැඩිම මනාප ලබාගෙන තිබුණේ පරණවිතාන මහතාය.

තලතා අතුකෝරල  මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ  පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *