කරාපිටියේ විරෝධයක් – රෝගීන් සහ ගම්මුත් එක්වෙයි

රිමාන්ඩ් භාරයේ පසුවන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍යවරයාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම රෝහලේ පිළිකා ඒකකයේ වෛද්‍යවරු, හෙද හෙදියන්, රෝගීන් සහ ප්‍රදේශවාසීන් ඊයේ(19) විරෝධතාවක නිරත විය.

ඔවුන් පවසන්නේ වෛද්‍යවරයාට පහරදුන් රෝහලේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් පසුගිය 16 වනදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ළමා, පිළිකා ඇතුළු විශේෂිත රෝහල්වල සිදුනොකරන බව සඳහන් කළද කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊට එක්ව තිබුණි.

වර්ජනයෙන් පසු දින එම සේවකයන් යළි සේවයට වාර්තාකර තිබූ අතර වර්ජනයෙන් පිළිකා ඒකකයේ කටයුතුවලට බාධා එල්ල වූ බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා චෝදනා කර තිබේ.

එහිදී ඒ මහතා සහ එදින සේවයට වාර්තා කර තිබූ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙම සිද්ධියෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

මේ අතර එම නොසන්සුන්තාව අතරතුර වෛද්‍යවරයා පහරකෑමට ලක්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව විරෝධයට එක්වූ පිරිස පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *