කප්පම් ගන්න ගිහින් වැඩවරදී

පිටකොටුවූ බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ කොට්ටාව බස් රථයක රියදුරුගේ ඡායාරූපයක් ලබාගෙන විදේශ රටක දුරකථන අංකයකට යවා රුපියල් 25,000ක කප්පමක් ඉල්ලා මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඡායාරූපය ලබාගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු තිස් හතරක කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම බස් රථය කොට්ටාව බස් නැවතුම්පොළේ නවතා තිබියදී රියදුරු ගෙන් රුපියල් විසිදහසක කප්පම් මුදලක් ඉල්ලා දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

පසුව මොවුන් මගීන්ට රැගෙන පිටකොටුව බස් නැවතුම්පළට පැමිණ  බස් රථය ගාල් කර තිබියදී බස් රථයට ගොඩ වුණු පුද්ගලයෙකු ඔහුගේ ජංගම දුරකථනයෙන් රියදුරුගේ ඡායාරූපයක් ලබාගෙන ඇති අතර ඒ පිළිබඳව සැකසිතූ රියදුරු සහ කොන්දොස්තරවරයා සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *