කංසා ගැන යෝජනාවක් ආවේ නෑ – බන්දුල

ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කෙසේ වෙතත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඊයේ පැවසුවේ ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරිය කැබිනට් ඇමතිවරියක් නොවන බවත් ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් වගකීමක් බාරගනොනන්නා බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *