ඖෂධ හිඟය දුරලන්න අවබෝධතා ගිවිසුමක්

රජයකින් – රජයකට පදනම යටතේ අවශ්‍ය අවස්ථාවන් වලදී ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීමේ ක්‍රමවේදය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජයකින් – රජයකට පදනම යටතේ හිඟ ඖෂධ ලබා ගැනීම පිණිස විභව හැකියාවක් සහිත රටවල් තෝරා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත් කිරීමට 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත්  ක්‍රමවේදය ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව වෙත යොමු කර, එම කොමිෂන් සභාවේ යෝජනා සහ නිරීක්ෂණ මත පදනම්ව රජයකින් – රජයකට යන පදනම යටතේ ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කර ඇත.

එම ක්‍රමවේදය අනුව අත්‍යවශ්‍ය අවස්ථා වලදී ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීම සඳහා වි‍භවයක් සහිත රටවල් සමඟ අවබෝධතා ගිවිසුම වලට එළඹීමටත්, එම රජයන් විසින් නම් කරනු ලබන ආයතන හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියමිත පරිදි ගිවිසුම්ගත වී සාමාන්‍ය සැපයුම්දාම ඔස්සේ සපයා ගැනීමට අපහසු ඖෂධ හා වෛද්‍ය උපාංග සපයා ගැනීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *