වික්ෂයට එල්ලෙන්න තිබුණු අවසාන වැල වන ලුණුත් ඉවරයි. දැන් අලුත් වැලක් හොයාගන්නැයි වෙළෙඳ ,වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“සමහර අය ලුණු මාෆියා හදනවා.මේ වන විට ලුණු මාෆියාව අවසන් කර තිබෙනවා. ආනයනකරුවන් ලුණු කන්ටේනර් විසිපහක් ගෙන්වා තිබෙනවා.
ලුණු අද ඉඳන් එනවා.අපේ රටේ දවසට ලුණු මෙට්‍රික් ටොන් පන්සියයක් වැය වෙනවා.මේ වන විට හම්බන්තොට ලේවායට දුන්න ලුණුත් දවස ගානේ වෙළඳපොළට නිකුත් වෙනවා.වෙන කියන්න දෙයක් නැති නිසා ලුණු ගැන බොරු කියනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.