එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් (Volker Turk) මහතා සිව් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය .
එතුමා සමග දූත පිරිස ලෙස තවත් එක් අයෙකු ද පැමිණ සිටියේය .
වසර 09 කට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු මෙරටට පැමිණීම විශේෂත්වයකි .
ඔවුන් පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය .