උසස් පෙළ විභාගය සම්බන්දයෙන් අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලීමක්

2021 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් සහ විදුලිය සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

2021 අ.පො.ස උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 7 සිට මාර්තු 5 දක්වා පැවැත්වේ.

විභාග කාලය තුළ විදුලිය විසන්ධි වුවහොත් සිසුන්ට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම කර ඇති බව අමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන සපයා ඇති බැවින් නැවත විදුලි කප්පාදුවක් සිදු නොවන බවට විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහතික වී ඇත.

විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මීට පෙර දිනකට පැයකට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව තිබුණා.

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමට නොහැකිව තෙල් සංස්ථාවට අවශ්‍ය ඉන්ධන ලබාදීමට නොහැකි විය.

මේ අතර, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සති 20කින් කල් දමන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම හෙට (පෙබරවාරි 01) විභාගයට ගැනීමට නියමිතයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් අනුගමනය කරන නොගැලපෙන අධ්‍යයන ක්‍රියාවලිය හේතුවෙන් දරුවන්ට විභාගයට පෙනී සිටීම අසාධාරණ බව පවසමින් මහජන අවශ්‍යතා ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *