උප්පුවේලි වැඩ බැලූ ස්ථානාධිපති සේවයෙන් පිටව යෑම ගැන පරීක්ෂණයක්

තම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් එල්ල වන පීඩනය දරා ගැනීමට නොහැකි බැවින් මානසික සුවය අවශ්‍ය බව පවසමින් උප්පුවේලි පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා තොරතුරු සටහන් පොතේ සටහනක් තබා සිය සේවා ස්ථානය පිටව යෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය පවසයි .

උප්පුවේලි පොලිසියේ මාස ගණනාවක සිට ස්ථානාධිපති තනතුර පුරප්පාඩු වී ඇති අතර ඒ වෙනුවට වැඩ බලන ස්ථානාධිපතිවරයකු පත් කර තිබියදී වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම සටහන යොදා රාජකාරී ජංගම දුරකථනය ස්ථාන භාර රාජකාරී නිලධාරී වෙත (SDO) ලබා දී මෙසේ බැහැරව ගොස් තිබේ.

මෙම සිද්ධිය සැලවීමත් සමග වෙනත් පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ බලන ස්ථානාධිපති ලෙස පත්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට උසස් පොලිස් නිලධාරීන්  මෙලෙස කටයුතු යොදා තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *