ව්‍යාපෘති නිසි පරිදි නිම නොකිරීම සහ සංඥා පද්ධතිය අවසන් කිරීමට තවත් වසරක කාලයක් ඉල්ලා සිටීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ මාහෝ සිට ඕමන්ත දක්වා දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් ඔහු පැහැදිලි කළේ උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ටෙන්ඩර් පටිපාටිය සහ සංඥා පද්ධතිය නිම කිරීම එකම සමාගමකට වෙන වෙනම ටෙන්ඩර් දෙකක් ලෙස ලබාදුන් බවයි. දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර, සංඥා පද්ධතිය සම්පූර්ණ කිරීමට සමාගම අමතර වසරක් ඉල්ලා සිටියි.
“පසුගිය රජය මේ ටෙන්ඩර් නිකුත් කළේ අයථා ලෙසයි. සංඥා පද්ධති යථා තත්ත්වයට පත් කරලා තව අවුරුද්දක් හිටියොත් ඒක ඉවර වෙනකම් දුම්රිය ධාවනය කරන්න බැහැ,” ඔහු පැවසීය.
එහි ප්‍රතිඵලයක් ලෙස අර්ධ වශයෙන් නිම කරන ලද දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පිළිගනු ලැබූ අතර, යම් යම් අලුත්වැඩියාවන්ගෙන් අනතුරුව නැවත දුම්රිය ධාවනය ආරම්භ කරන ලදී. කෙසේ වෙතත්, සුළු ප්‍රමාදයන් සහිතව වුවද, දුම්රිය ස්ථාන ඉදිකිරීම තවමත් සිදු වෙමින් පවතී.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නොකිරීමේ ගැටලූ මතු වූයේ එම ව්‍යාපෘතිය නිසි පරිදි නිම නොකිරීම නිසාය. එම සමාගම විසින්ම එකම ව්‍යාපෘතියක් ලෙස දුම්රිය මාර්ගය ඉදිකිරීම සහ සංඥා පද්ධතිය සවි කිරීම සිදු කළේ නම් එම ප්‍රමාදය අවම වීමට ඉඩ තිබූ බවද අමාත්‍ය හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.