උත්තේජක මර්දන ආයතනයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත් කෙරුණු ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා  අතින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පත්වීම් ලිපිය බාර ගත්තේය.

‘2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත III කොටස මගින් මෙම ආයතනය පිහිටුවා ඇත.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත්වීම් ලද ඔහු,  ක්‍රීඩා විද්‍යාව පිළිබඳ කියුබාවේ “මැනුවෙල් ෆජාර්ඩෝ” ජාත්‍යන්තර භෞතික, සංස්කෘතික හා ක්‍රීඩා විද්‍යා විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය උපාධියක් සහිතව ඉක්වදෝරයේ ක්විටෝ හි “ඩි’ෆර්නැන්ඩා” ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයෙහි පරිපාලන කළමනාකරුවකු වශයෙන් ද කලක් සේවය කර ඇති අතර ජාත්‍යන්තර බොක්සිං සංගමයෙහි (IBA) ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සාමාජිකයෙකු වශයෙන් ද මේ දක්වා කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *