ඉදිරි මහමැතිවරණය විශිෂ්ට ලෙස ජයගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බව ජාතික ජන බලවේගය පවසනවා.
එහි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය නොදුන් වැඩි පිරිසක්ද ඉදිරි මහමැතිවරණයේදී සිය පක්ෂයට ඡන්දය ලබා දෙනු ඇති බවයි. කෙසේවෙතත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැවසුවේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් සිය පාර්ශවයට පාර්ලිමේන්තුවේ බලය ලබා දිමට ජනතාව පියවර ගත යුතු බවයි.
සමගි ජන බල සන්ධානයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාද නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වුණා.
ඔහු කියා සිටියේ ඉන්ධන මිල තවදුරටත් පහළ දැමීමට ආණ්ඩුවට හැකියාව ඇති බවයි.