රෝහිත් ශර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමෙන් පුරප්පාඩුවන ඉන්දීය ටෙස්ට් නායකත්වය සඳහා ශුබ්මන් ගිල් ඉදිරියෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක අජිත් අගාකර්ගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව 25 හැවිරිදි ශුබ්මන් ගිල් ටෙස්ට් නායකයා ලෙස නම්කිරීමට වැඩි කැමැත්තකින් පසුවන බවයි.
කෙසේ වෙතත් නිල නිවේදනයක් නිකුත් කිරීමට පෙර තේරීම් කමිටුව ඒ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) සමග සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ.
ටෙස්ට් නායකයා ලෙස ගිල් පත් කරනු ලැබුවහොත්, ඔහුගේ පළමු වගකීම එංගලන්තයේ දී පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය වනු ඇත.
වයස අවුරුදු 21දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් ගිල්, මේ වනවිට ඉන්දියාව නියෝජනය කරමින් ඉනිම් 59කට ක්‍රීඩාකර ඇත.
එහිදී ශතක 5ක් හා අර්ධ ශතක 7ක් වාර්තාකර තිබේ.
මේ වනවිට ගිල්, ලකුණු 1893ක් රැස්කර 35.05ක පන්දුවට පහරදීමේ සාමාන්‍යයක් පවත්වාගෙන සිටියි.