ඉන්දියාවෙන් තවත් සහල් තොගයක්…

ඉන්දියාවේ සිට මෙට්‍රික් ටොන් 11,000ක් බරැති නැවුම් සහල් තොගයක් අද කොළඹ වරායට සේන්දු වූ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

අවුරුදු සමයට පෙර ‘චෙන් ග්ලෝරි’ යාත්‍රාවෙන් සහල් ප්‍රවාහනය කළ බව ඔවුහු පැවසූහ.

මේ අතර, පසුගිය සතිය තුළ පමණක් ඉන්දියාවේ බහුවිධ සහයෝගය යටතේ සහල් මෙට්‍රික් ටොන් 16,000 ක තොගයක් ශ්‍රී ලංකාවට සැපයූ බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම සැපයුම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති විශේෂ බැඳීම සනිටුහන් කරමින් ජාතීන් දෙක අතර සුහදතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ සහතිකයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *