ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් උපාය මාර්ගික කමිටුවක් – නාමල්

මැතිවරණය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට සහ ඉදිරි තීරණ සඳහා නායකත්වය සහ නිවැරදි මගපෙන්වීම ලබාදීමට උපායමාර්ගික කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

ඉදිරි මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එම පක්ෂය මෙම තීරණය ගෙන ඇත.

ඉදිරි මැතිවරණවලට පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණ දීමට අපේක්ෂකයින්ට ශක්තිය සහ මග පෙන්වීම මෙම උපායමාර්ගික කමිටුව පිහිටුවීමේ මූලික අරමුණයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *