ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන් සංශෝධනය කරයි

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයෙන බව තහවුරු කර ගැනීමටත්, ජීවන වියදම ඉහළ යාම හැකිතාක් දුරට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත්, සියලු පාර්ශ්වයන් සමඟ සම්බන්ධීකරණ ප්‍රවේශයක් අනුගමනය කරමින් යෝග්‍ය තීරණයන්ට එළඹීමටත් හැකි වන පරිදි 2022 -10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ස්ථාපිත කරන ලද ආහාර ප්‍රතිපත්ති කමිටුව පහත සඳහන් නිලධාරීන්ගෙන් සමන්විතව නැවත ස්ථාපිත කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ජනාධිපති ලේකම් – (සභාපති)

* අග්‍රාමාත්‍ය ලේකම්

* ලේකම්, මුදල්, ආර්ථික සංවර්ධන, – ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය

* ලේකම්, බලශක්ති අමාත්‍යාංශය

* ලේකම්, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය

* ලේකම්, අධිකරණ, රාජ්‍ය- පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය

* ලේකම්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතත්තා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත අමාත්‍යාංශය ව්‍යවසායකත්ව සංවර්ධන

* ලේකම්, සෞම්‍ය අමාත්‍යාංශය

* ලේකම්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

* ලේකම්, පරිසර, වන පිවි – වන සම්පත්, ජල සම්පාදන, වැලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *