අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහළට

ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහල නංවා තිබේ.

ඒ අනුව ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළ නංවා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්  සේමසිංහ මහතා කීය

ඒ අනුව මසකට රුපියල් 5000  ක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7500 දක්වාද රුපියල් 2000 ක්ව පැවතී වැඩිහිටි දීමනාව රුපියල් 3000 දක්වාද  ඉහළ නැංවූ බව ෂෙහාන්  සේමසිංහ මහතා පැවසීය

ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ඇති අලුතෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එම දීමනාව අප්‍රේල් මස පළවෙනි දින සිට ලබාදෙන බවද ඇමතිවරයා කීය.

මේ අතර  දීමනා ලබාදීම මාර්තු මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ප්‍රතිලාභීන්ට මේ වසර අවසන් වන තෙක්ම එම දීමනා ගෙවන බවද සේමසිංහ මහතා සඳහන් කළේය

ඉදිරියේදී අවදානමට ලක් වූ පවුල් ලක්ෂ අටකට රුපියල්  5000 බැගින් දීමනා ගෙවන බවද ඇමතිවරයා කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *