අවුරුදු 12න් ඉහළ දරුවන් ට එන්නත් දීම ලබන සිකුරාදා

එළඹෙන 24 වනදා සිට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එම එන්නත් ලබාදීම් කටයුතු සිදුකරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *