අවුරුදු සේවා බස් රථ ගැන මගී පැමිණිලි 190 ක්

අළුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් අද (18) වනවිට මගී පැමිණිලි 190 ක් පමණ ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

මින් අන්තර් පළාත් (දුර ගමන්) පෞද්ගලික බස්රථ පිළිබඳව මහජන පැමිණිලි 165 ක්ද පළාත් අතර බස් සේවා සම්බන්ධයෙන් පැමිණිලි 25 ක්ද වෙතැයි කොමිෂම සදහන් කරයි.

මීට අමතරව අවුරුදු සමයේ තාවකාලික බලපත්‍ර නිකුත් කල පෞද්ගලික බස්රථ පිළිබඳව පැමිණිලි 03 ක් සහ වෙනත් පැමිණිලි 14 ක් මේ වනවිට ලැබී ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි

පසුගිය 09 දා සිට ලබන 21 දක්වා අවුරුදු බස්රථ සේවා ක්‍රියාත්මක කෙරෙන බවත් සදහන් කරන කොමිෂන් සභාව ලැබෙන මහජන පැමිණිලි පිළිබඳව විමර්ශන කටයුතු ලබන 21 න් පසුව ආරම්භ කරන බව පවසයි.

අවුරුදු සේවා පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් මගීන්ට 1955 ට තවදුරටත් පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *