අලි සබ්රි නිල සංචාරයකට සිංගප්පුරුවට යන්න සැරසෙයි

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා නිල සංචාරයක් සඳහා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ අනුව, දෙදින නිල සංචාරයක් සඳහා හෙට (08) දිනයේ දී විදේශ අමාත්‍යවරයා සිංගප්පුරුව බලා යාමට නියමිතය.

සිංගප්පුරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියම් බාලක්‍රිෂ්ණන් මහතාගේ ආරාධනයකට අනුව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එම සංචාරයේ නිරත වෙයි.

දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් විදේශ අමාත්‍යවරයා එම සංචාරයේදී සිංගප්පුරු විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇත.

හෙට සහ අනිද්දා යන දෙදෙන තුළ තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා පවත්වන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජුලි 09වනදා සිංගප්පුරුවේ දී පැවැත්වීමට නියමිත “2024 රොයිටර්ස් නෙක්ස්ට් ආසියා පැසිපික් සමුළුවට” සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *