අල්ලස් ගත් ජල සම්පාදන ඉංජිනේරුවාට වසර 12ක අත්හිටවූ සිරදඬුවමක්

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකුට වසර 03කින් ගෙවී යන පරිදි වසර 12ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් කොළඹ මහධිකරණය නියම කර තිබේ.

ජල සම්පාදන මණ්ඩලයේ සැපයුම් මාර්ගයකින් නීතිවිරෝධි ලෙස ජලය ලබා ගත් පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර නොගැනීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා 04ක් යටතේ අදාළ පුද්ගලයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *