ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැයට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පවුලක් රුපියල් 40,000 ක පමණ බදු මුදලක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීමට සිදුවන බවත් එය පසුගිය වසරේ ගෙවීමට සිදුවූ බදු මුදලට වඩා රුපියල් 8,200ක ඉහළ යාමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
2025 අයවැය ලේඛනයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ මහතා එසේ සඳහන් කළේය.
අයවැයෙන් භාණ්ඩ හා සේවා මත බද්ද සියයට 25.94 කින් වැඩි වී ඇති බවත් 2024 භාණ්ඩ හා සේවා මත අයකළ බදු ප්‍රමාණය රුපියල් බිලියන 2201 ක් බවට පත්වූ බවත් ඒ මහතා පැවසීය.
මෙම වසරේ එම බද්ද රුපියල් බිලියන 2772ක් දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවත් එම මුදල මෙරට ජීවත් වන පවුල් ලක්ෂ 58න් බෙදුවිට එක පවුලක් වසරකදී ගෙවන බදු මුදල රුපියල් 39,817ක් බවත් ඒ මහතා සඳහන් කළේය.
පසුගිය වසරේ එක පවුලක් රජයට රුපියල් 31,623ක බදු මුදලක් ගෙවූ බව කී ජයගොඩ මහතා ඒ අනුව මෙවර අයවැය නිසා එක පවුලක් ගෙවිය යුතු සාමාන්‍ය බදු මුදල පසුගිය වසරට වඩා රුපියල් 8200 කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.
මෙම අයවැය සකස් කිරීමේදී සාමාන්‍ය ජනතාව ගැන අවධානයක් යොමු නොකර මහාපරිමාණ සමාගම්වලට වාසිදායක ලෙස ප්‍රතිපත්ති සකස් කර ඇති බවත් බදු ආදයම් සම්බන්ධ ප්‍රතිපත්ති දෙස බැලීමේදී එය මනාව පැහැදිලි වන බවත් ජයගොඩ මහතා කීය.
මහා පරිමාණ සමාගම්වලින් රජය අය කරන සියයට 30 ක බද්දක් කිසිදු විදිහකින් වැඩි කර නොමැති වුවද තනි පුද්ගල ව්‍යාපාරවලින් අය කරන සියයට 10ක බද්ද සියයට 15 ක් දක්වා වැඩිකර ඇති බව කී පුබුදු ජයගොඩ මහතා කුඩා හවුල් ව්‍යාපාරවලින් අය කළ සියයට 10 ක බද්ද සියයට 15ක් ලෙස ඉහළ දමා ඇති බවද සඳහන් කළේය.