අමුතු ඇඳුමකින් පාරට බැස්ස පොලීසිය

ජනතාව සාමාන්‍යයයෙන් දැක නැති ආකාරයේ ඇඳුමකින් සැරසී මාර්ගයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රථවාහන පරීක්ෂා කිරීම්වල නිතරවී තිබුණි.

ඒ,  මහියංගනය මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි පාලම අසලදී ය.

උදෑසන 8 සිට දහවල් 12 දක්වා එම විශේෂ රථවාහන සෝදිසිය ක්‍රියාත්මක වුණි.

මහියංගනය මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරීන් 240ක් “යුක්තිය” මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා රථවාහන සහ මහජනයා පරික්ෂාව සඳහා මෙලෙස එක්වී තිබේ.

රිදිමාලියද්ද, ඇකිරියන් කුඹුර, ලොග්ගල්ඔය, දඹාන 51 කණුව, වේරගංතොට පාලම අසල, සොරබොර හංදිය යන ස්ථාන 06කදී මෙම පරීක්ෂාවන් සිදුකර ඇත.

මෙහි අරමුණ වී තිබුණේ අදාළ ආධුනික පොලිස් නිලධාරීන් ට පරීක්ෂා කිරීම් පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *