ජල කළමනාකරණ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.
ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් කොළඹ පවත්වන ලද සමුළුවේ වේදිකාවේ අසුන් ගත් කැබිනට් ඇමතිවරු තිදෙනාගෙන් දෙදෙනෙකු ඉවත් කර ඔහු පමණක් ධුරයෙන් ඉවත් කර නැත.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම් සඳහා නො කැඳවීමට තීරණය කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් කොළඹ පැවති රැස්වීමට ඔහු සහභාගී වීමයි.
පසුපෙළ කණ්ඩායමේ අනුදැනුමකින් තොරව මෙවන් රැස්වීම්වලට සහභාගී වීම හේතුවෙන් ඔහු මින් ඉදිරියට කණ්ඩායමේ රැස්වීමට නොකැඳවීමට තීරණය කර තිබේ.