අම්පාරේ ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයෙන් පහළ ගල් ඔය පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ඇම්බර් වර්ණයෙන් යුතු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඊයේ (10) පස්වරුව වනවිට සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය උපරිම මට්ටමට ළඟා වී ඇති බවය.

මේ හේතුවෙන් එම ජලාශයෙන් පිටවන වාන් ජලය ප්‍රමාණය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් එම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිත ජනතාවට මෙලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පොල්වත්ත, පහළලන්ද, ඉරක්කාමම්, අක්කරෙයිපත්තු, අඩ්ඩාලච්චේනෙයි, අලයාඩිවෙම්බු, සමන්තුරෙයි, කාරතිව්, නින්දවූර්, සයින්දමරුදු, කල්මුනේ සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රය ආශ්‍රිත පහත්බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *