අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට

හිටපු කෘෂිකර්ම  හා වැවිලි කර්මාන්ත  අමාත්‍ය  මහින්ද අමරවීර  මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් ඊයේ (8) ඉවත් විය.

මෙම නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක  බාලිකා විද්‍යාලයට පවරා දීමට කලින් පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින්  බවද   හිටපු අමාත්‍යවරයා කීය.

ඒ අනුව මෙම නිල නිවාසය කොළඹ  සිරිමාවෝ බන්ඩාරනායක  බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අදාල සියලු ලිපි කටයුතු අවසන් කළ බවත් ඒ අනුව ඊයේ (8)දින සිට නිල නිවස සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැවරෙන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *