මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වුණු චරිතයක් වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම වෙනුවෙන් දේශපාලකයින් රැසක් ශෝක සටහන් තබා තිබේ.
සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, ලාංකීය දේශපාලන ගමන්මගෙහි විශාල පරිවර්ථනයන් මෙන් ම අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සක්‍රීයව දායක වූ කෘතහස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැලවීමෙන් තමන් ඉතා සංවේගයට පත්වූ බවය.
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.
මේ අතර බොහෝ දේශපාලන ප්‍රබලයින්ගේ ගමන්මගේ සුවිශේෂී ස්ථානයක් ගත් මංගල සමරවීර මහතා හිතවතෙකු සහ සටන් සගයෙකු ලෙස ඔවුන් හා කටයුතු කර තිබුණි.