අපි ආණ්ඩුවේ සල්ලි බලාගෙන වැඩ කරන්නෙ නෑ

පළාත් පාලන ඡන්දයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කරන සභාවලට ආණ්ඩුවේ ප්‍රතිපාදන මත යැපෙන්නට අවශ්‍ය නැති බවත් එම සභාවලට සේවය කිරීමේ වගකීම තම පක්ෂය භාරගන්නා බවත්  සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ක්‍රියා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා පැවසීය.

ආණ්ඩුවේ මුදල් මත යැපෙන්නේ නැතිව ජනතාවට සේවයක් කිරීමට සමග ජන බලවේගය සූදානම් බවද  ඔහු කීවේය

ජනාධිපතිවරයාගේ වගකීම ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ට පමණක් සේවය කිරීම නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *