අපරාධ දේපොළ පනතට ඡන්දෙ දෙන්න චාමර බන්ධනාගාරෙ සිට එයි

අපරාධයකින් උත්පාදිත දේපොළ පවරා ගැනීමේ පනත් කෙටුම්පතට පක්ෂව කවුරු ඡන්දෙ දුන්නේ නැතත් තමා ඡන්දය ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

තමා හිරේ ඉඳන් අද පාර්ලිමේන්තුවට ආවේ එම ඡන්දය ලබාදීමට බව ද දසනායක මහතා සඳහන් කළේය.

රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳන් මම අද පාර්ලිමේන්තුවට ආවේ.

මේක අනුන්ගේ කලිසම උගේ වගේ ඇඳගෙන යනවා වගේ පනතක්.පනත් කෙටුම්පත් සකස් කළේ කවුද?කවදාද? නීති පතිට යැව්වේ කවුද?කවදාද?කැබිනට ඇනුමැතිය ගත්තේ කවුද?කවදාද? ඒ වගේම පනත දාන්න හදිසි උනේ ඇයි?

අයි.එම්.එෆ් එක උනන්දු කළේ නැතිනම් මේ පනත එන්නේ නෑ. ගිය ආණ්ඩුවත් මේක දාන්න ගියේ අයි.එම්.එෆ් උවමනාවට.අල්ලස් දූෂණ පනතට මම ඡන්දෙ දුන්නා. පළවෙනියට මට  විරුද්ධව ඒකෙන් නඩු දාලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *