අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්රාත්වරයා නියෝග කරනු ලැබීය.
එම අධිකාරීවරයා අනුරාධපුර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවකු ජනාධිපති සමාවක් ලැබුණු බව පවසමින් නිදහස් කිරීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වැනි අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර, එම නඩුව කැඳවු අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්රාත්තුමන් විසින් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා මුදා හරින ලෙස නියෝග කරනු ලැබීය.
මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත්, සැකකාර බන්ධනාගාර අධිකාරිවරයාට විදේශ ගමන් තහනමක් පැනවීමටත් මහේස්ත්රාත්වරයා වැඩි දුරටත් නියෝග කළ අතර මෙම නඩුව එළැඹෙන අගෝස්තු මස 04 වැනි දින නැවත කැඳවීමට නියමිතය.