ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් පේමදාස මහතාට කළ ආරාධනයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
යෝජිත විවාදයේ වත්මන් තත්ත්වය පිළිබඳව ඊයේ (21) ඒ මහතාගෙන් කළ විමසීමේදී ඒ බව කී ඔහු මෙසේද කිය
විවාදය සඳහා අපි දුන්න දිනවලට විපක්ෂ නායකවරයා බෑ කිව්වත් එයාලා අපිට දුන්න දින වලට අපි කැමතියි ඒ නිසා ප්‍රථමයෙන් නායකයින් දෙපළ අතර විවාදයකින් පසුව ආර්ථික කමිටුව සමඟින් විවාදයටත් අපි ලෑස්තියි
අපි මේක බාරගනියි කියලා ඔවුන් සිතන්නේ නැතුව ඇතැයිද ජයතිස්ස මහතා මහතා අවසන් වශයෙන් කීය