අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයට අදාළ ආයතනවල පුරප්පාඩු හය දහසක් පමණ පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පමණක් පුරප්පාඩු දෙදහසකට ආසන්න ප්‍රමාණයක් පවතින බවද ඔහු සඳහන් කළේය.
මෙම පුරප්පාඩු පිරවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා කීවේය