රු. රට තුළ උද්ගතව ඇති උග්‍ර ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 14ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තමන් මුදල් අමාත්‍යාංශයේ මුදල් ලේකම් එස්.ආර්.ආටිගල මහතා සමඟ එක්ව තීරණාත්මක ඖෂධ ගෙන්වීම සඳහා ඒ පිළිබඳව තක්සේරුවක් කළ බවයි.
“ඒ අනුව අපි ඉදිරි මාස හයක කාලය තුළ තීරණාත්මක ඖෂධ 14ක් ආනයනය කරන සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ නිසා අපි අනෙකුත් ඖෂධවලටත් මුල්තැන දෙන නිසා ඉදිරියේදී ඖෂධ හිඟයක් ඇති වෙන්නේ නැහැ.
කෙසේ වෙතත් විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනය කිරීමේ ප්‍රමාදයක් සිදුවූ බව අමාත්‍යවරයා පිළිගත්තේය.
“ඖෂධවලින් සියයට 75 ත් 80 ත් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන අතර සියයට පහක් චීනයෙන්, තවත් සියයට 5 සිට 10 දක්වා ප්‍රමාණයක් බංග්ලාදේශයෙන් සහ පකිස්ථානයෙන් ආනයනය කරන අතර යුරෝපයෙන් ඉතා සුළු ප්‍රමාණයක් ආනයනය කරනු ලැබේ,” රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් බාල ඖෂධ ලැබෙන බවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් රජය ආනයනය කරන ඖෂධ නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවත්ය.