උතුරු මුහුදු සීමාවේදී පෙබරවාරී 24 වනදා අත්අඩංගුවට ගත් ඉන්ධීය ධීවරයින් 22 දෙදෙනෙකු මාස 18 ක කාලයකට බන්ධනාගාරගත කිරීම සහ වසර 10 ක් අත්හිටුවීමට කයිට්ස් මහෙස්ත්‍රාත් ගජනිධිබාලන් මහතා නියෝග කරනු ලැබීය.
පසුගිය 24 වනදා යාපනය කරෙයිනගර් මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී යාත්‍රා දෙකක සිටි ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන යාපනය ධීවර හා ජලජ සම්පත් දේපාර්තමේන්තු නිලධාරීන්ට භාරදීමෙන් අනතුරුව අදාල ධීවරයින් පිරිස නිරෝධායනය කිරීමෙන් අනතුරුව මාර්තු මස 10 වනදා කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
අනතුරුව කයිට් අධිකරණය මගින් අදාල ධීවරයින් පිරිස නැවත මාර්තු 23 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කොට සිටි අතර පසුව නැවත එම ධීවරයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ධීවරයින් 22 දෙදෙනාට මාස 18 ක කාලයක් සිරදඩුවම් නියම කිරීමටත් එය වසර 10 කට අත්හිටුවීමටත් කයිට්ස් මහෙස්ත්‍රාත් ගජනිධිබාලන් මහතා නියෝග කොට සිටියේය.