අගමැති ඉවත් කර අලුත් ආණ්ඩුවක් හදන්න ජනපති සූදානමක…

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ.

ආණ්ඩුවේ පක්ෂ නායකයන් වෙත යොමු ලිපියක් යොමු කරමින් ඔහු ඒ බව සඳහන් කර ඇත.

ඒ අනුව එය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් මස 29 වන දින පෙරවරුවේ ජනාධිපති මන්දිරයට පැමිණෙන්නැයිද එම ලිපියෙන් දැනුම් දී ඇත.

දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් මෙන්ම පැවැති මහ මැතිවරණයෙන් ආණ්ඩුව හා එක්ව සිට දැනට ස්වාධීන කණ්ඩායම් ලෙස කටයුතු කරනවා නායකයින්ට මෙම ලිපිය මගින් ආරාධනා කර තිබේ.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ මහා නාහිමියන් සහ අගරදගුරු තුමන් ඇතුළු සර්වපාක්ෂික ආගමික නායකයන් දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙනි.

අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක වන කාර්ය සීමාව හා වගකීම් ලබාදෙන පුද්ගලයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට සූදානම් බව ද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *