“අගමැතිට ඉල්ලා අස්වන්නැයි ජනපති පවසයි”

සඳුදා විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා ඉල්ලා අස්වීම පිළිබඳව සලකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව කැබිනට් ආරංචි මාර්ග පවසයි.

ඉන් අනතුරුව ලබන සඳුදා ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රැස්වීමට දැනුම් දී ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වන විටත් ඉල්ලා අස්වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *