සජිත් ට අත දෙන්න චන්ද්‍රිකාට බැරිවෙන ලකුණු

සජිත් ට අත දෙන්න චන්ද්‍රිකාට බැරිවෙන ලකුණු

චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය  විසින් මෙහෙයවනු ලබන ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය’ ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දීම සදහා ගන්නා උත්සාහය අඩපණ වී ඇති බව වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ සංවිධායකයන් විශාල පිරිසන් ඊට අකැමැත්ත පළ කිරීමයි.

මේ හේතුව මත හිටපු ජනාධිපතිනියගේ ශ‍්‍රී ලංකා ගමන තව දුරටත් කල් දමා ඇති අතර ඇය තව දුරටත් ලන්ඩනයේ රැදී සිටීමට තීරණය කර ඇත.

මෙම කණ්ඩාම විසින් කොළඹදී සමුළුවක් පවත්වා සජිත් ප්‍රේමදාසට සහයෝගය පල කිරීමේ තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබුණද එයද දින නියමයක් නැතිව කල් දමා ඇත.

lankacnews

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *