අස්ගිරි පාර්ශවය හිත් වේදනාවෙන්

දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ යෝජනාවලිය සිය පටු අරමුණු ඉටු කරගැනීම සඳහා ඉදිරිපත් කළ එකක් බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ සඳහන් කළේ, මෙම යෝජනාව කොතෙක් දුරට අනුමත කරනවාද නැද්ද යන්න දකුණේ මෙන්ම උතුරේ ජනතාව ද සිතා බැලිය යුතු බවයි.

මෙම යෝජනාවලිය තිස් අවුරුදු යුද්ධයෙන් අපේක්ෂා කළ පටු පරමාර්ථවලට එහා ගිය යෝජනාවලියක් බවයි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියන් මෙහිදී සඳහන් කළේ.

එහි ඇතුළත් ඒකීය රාජ්‍ය සංකල්පය, ෆෙඩරල් විසඳුම් යෝජනාවලිය සහ සිංහල ගම්මාන උතුරෙන් ඉවත් කිරීම යන කරුණු මෙම යෝජනාවලියට ඇතුළත් කර ඇත්තේ කාගේ අවශ්‍යතාවක් මත ද යන්න ගැටලු සහගත බව අස්ගිරි අනුනායක හිමියන් පෙන්වා දෙනවා.

මෙම යෝජනාවලිය සකස් කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානවල ද අනුදැනුම මතයි. මෙම යෝජනාවලිය, ඉකුත්දා මුස්ලිම් අන්තවාදී පිරිසක් සිදු කළ අන්තවාදී ක්‍රියාවන්වලට සමාන දෙමළ අන්තවාදයක ආරම්භයක්දැයි සැක පවතින බවයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේ.

1 Comment

  1. ඇත්තමයි අපේ හාමුදුරුවරුවනේ……
    අපි අසරණ වෙලා වගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *